ලංකාවේ නිදහස් දවසේ නිදහස එපා කරපු බංගලි ඉනිම මොමිනුල් නතර කලේ මෙහෙමයි video කොහොමද ධනා ගේ වැඩ
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ චිතගොන් සහූර් අහමඩ් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වූ පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් විය.
කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 513ක් රැුස් කරගත්තේයඑහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කළ මොමිනුල් හක් ලකුණු 176ක් හා මුෂ්ෆිකර් රහීම් ලකුණු 92ක් රැුස් කළේයඔවුන් දෙදෙනා එක්ව තෙවැනි කඩුල්ල සදහා සදහා වාර්තාගත ලකුණු 236ක සම්බන්ධතාවක්ද පැවැත්වීය.නායක මොහමදුල්ලා ලකුණු 83යි.
පන්දු යැවීමේදී සුරංග ලක්මාල් හා රංගන හේරත් කඩුලු 03 බැගින් බිද හෙළීයඅනතුරුව සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කල ශ‍්‍රී ලංකා කන්ඩායම පළමු ඉනිම සදහා කඩුලු 09කට ලකුණු 713ක් රැුස් කරගෙන සිටියදී පළමු ඉනිම අත්හිටුවීය.
එහිදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතක තුනක් වර්තා වූ අතර කුසල් මෙන්ඩිස් 196 ධනංජයද සිල්වා173 හා රොශේන් සිල්වා(109) ශතක ලබාගැනීමට සමත් වියඑහිදී කුසල් හා ධනංජය එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 308ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර එය බංගලාදේශ කණ්ඩායම එරෙහිව ඔ්නෑම කඩුල්ලක් සදහා පැවැත්වූ දෙවැනි හොදම සම්බන්ධතාවය ලෙසද වාර්තා විය.
දිනේෂ් චන්දිමාල් ලකුණු 87ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 62කින් පළමු ඉනිම සදහා දායක වියශ‍්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 200ක් පිටුපසින් සිය දෙවැනි ඉනිම ඇරඹූ බංගලාදේශ කණ්ඩායම තරගය විසදුමකින් තොරව අත්හිටුවන විට කඩුලු 05ක් දැවී ලකුණු 307ක් ලබාසිටියේය.
එහිදී යළිත් වරක් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ මොමිනුල් හක්(105) ශතකයක් ලබා ගැනීමට සමත් වු අතර ලිටන් දාස් ලකුණු 94ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී රංගන හේරත් කඩුලු 02ක් දවා ගැනීමට සමත්වූ අතර ධනංජය,සදකැන් හා දිල්රුවන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 513 (129.5) තමිම් ඉක්බාල් 52, ඉම්රුල් කයිස් 40, මොමිනුල් හක් 176, මුශ්ෆිකර් රහීම් 92, මහමදුල්ලා නොදැවී 83, මෙහෙදි හසන් 20, සුන්සාමුල් ඉස්ලාම් 24, සුරංග ලක්මාල් 3/68, රංගන හේරත් 3/150, ලක්ෂාන් සඳකැන් 2/92.
ශ්‍රී ලංකාවපළමු ඉනිම කඩුලු 9ක් දැවී 713 (199.3) කුසල් මෙන්ඩිස් 196, ධනංජය ද සිල්වා 173, රොෂේන් සිල්වා 109, දිනේෂ් චන්දිමාල් 87, නිරෝෂණ දික්වැල්ල 62, දිල්රුවන් පෙරේරා 32, මෙහෙදි හසන් 3/174, ටයිජුල් ඉස්ලාම් 4/219.
බංග්ලාදේශය; දෙවැනි ඉනිම කඩුලු 5 ක් දැවී 307 (100) තමීම් ඉක්බාල් 41, ඉම්රුල් කයිස් 19, මොමිනුල් හක් 105, ලිතන් දාස් 94, රංගන හේරත් 2/80, ධනංජයද සිල්වා 1/41, ලක්ෂාන් සඳකැන් 1/64.

Comments
Post a Comment