ලන්ඩන් කොටි ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කෙරේ (VIDEO)
පසුගිය 04දා යෙදී තිබූ නිදහස් දිනයට සමගාමීව ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිදහස් සැමරුම අවස්ථාවේවිනයවිරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවා තිබෙනවානිවේදනයක් නිකුත් කරන විදේශ ආමාත්‍යංශය පවසන්නේ වහා ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට උපදෙස් ලබා දී ඇති බවත්මේ සම්බන්ධයෙන් යුධ හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවත්ය.
මෙම නිදහස් සැමරුම අවස්ථාවේ එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් තනාපති කාර්යාලය අසළ උද්ඝෝෂණයක නිරතවෙමින් සිටි අතරඒ මොහොතේ එතැනට පැමිණි අදාළ නිළාධාරිවරයා කොටි හිතවාදීන් ඉදිරියේ සිය නිළ ඇදුමේ වූ සිංහ ධජය පෙන්වමින් කිසියම් සංඥාවක් කරනු දැකගන්නට ලැබුණා.
මෙම අවස්ථාවේ වීඩියෝ පටය බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූ අතර අදාළ නිළධාරිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් එරට සර්වපාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් පැමිණිළි කොට තිබූ අතර ඔහුව එරටින් පිටුවහල් කරන ලෙස එරට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වුණා.

Comments
Post a Comment