ක‍්‍රීඩකයින් මෙන්ම විචාරකයින් පවා මවිත කල විනිසුරුවන්ගේ අරුම පුදුම තීන්දුව මෙන්න(VIDEO)
පන්දු යැවීමේදී යුෂ්වෙන්ද්‍ර චහාල් කඩුලු 5ක්ද, දඟපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කඩුලු 3ක්ද බිඳ හෙලීමට සමත් විය.
කෙසේ වෙතත් ඊයේ තරඟයේදී වූ සුවිශේෂි සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් මතුව තිබෙනවා.මීට හේතුව වී ඇත්තේ ඉන්දියානු කණ්ඩායමට ජය පෙනෙන මානයේදී පිටියේ විනිසුරුවන් විසින් දිවා අහාරය සඳහා තරඟය නතර කිරීමයි.
ඒ මොහොතේ ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 19කදී ලකුණු 117ක් ලබා සිටි අතර ජයග්‍රහණය සඳහා ඔවුනට අවශ්‍ය වූයේ ලකුණු 2ක් පමණයි.කෙසේ වෙතත් ඒ මොහොතේ දිවා අහාරය ලබාගැනීමට විනිසුරුවන් තීරණය කළ අතර ඔවුන්ගේ මෙම තීරණය ක්‍රිකට් විචාරකයින්, ක්‍රීඩකයින් ඇතුළු බොහෝ දෙනෙකුගේ විවේඡනයට ලක් විය.
හරිම හාස්‍යජනකයි,මට මෙය විශ්වාස කරන්නත් බෑ‘‘ යැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් වාචරක මයික් හේස්මන් පවසා තිබුණා.ඉන්දියානු හිටපු සුපිරි පිතිකරුවෙකු වන සුනිල් ගවසකාර් පවසා තිබුනේ මෙය සිතා ගැනීමට නොහැකි අවස්ථාවක් බවයි.තවත් පන්දු ඕවරයක් යැව්වා කියා කිසිවෙකු පැමිණිලි නොකරන බවද ඔහු පවසා තිබුණි.
කෙසේ වෙතත් දිවා අහාරයෙන් පසු විනාඩි 40පසු නැවත තරඟය ආරම්භ කළ අතර, ජයග්‍රාහී ලකුණ වාර්තා කරමින් නායක කෝලි ඉන්දියානු කණ්ඩායම ජය්‍රගහණය වෙත රැගෙන ගිය අතර කෙසේ නමුත් ඒ අවස්ථාව වන විට බොහෝ ප්‍රෙක්ෂකයන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීතිබුණි.
Comments
Post a Comment