අද අපේ සිංහයො බංගලියො අනාත කරේ මෙහෙමයි බලන්නකො බංගලියන්ට ක්‍රිකට් එපා වෙන්න අැති VIDEO

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට තරගයේ සිව්වැනි දිනය සදහා තරගය නතර කරන විට සිය ප‍්‍රථම දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන බංගලදේශ කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 81ක් ලබා සිටියි.ඒ අනූව ඔවුන් ශ‍්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 119ක් පිටුපසින් සිටියි මොමිනුල් හක් ලකුනු 18ක් ලබා නොදැවී කඩුල්ලේ රැුදී සිටියි.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි තමීම් ඉක්බාල් හා ඉම්රුල් කයිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 52ක් එක් කළ අතර දිල්රුවන් එවු පන්දුවකට චන්දිමාල් අතට උඩපන්දුවක් ලබා දී ඉම්රුල් දැවීයාමෙන් එම සම්බන්ධතාවය නිමාවිය.දැවී යන විට කයිස් ලකුණු 19ක් රැුස් කළේය අනතුරුව ක‍්‍රියාත්මක වු ලක්ෂාන් සදකැන් ලකුණු 41ක් ලබා සිටි තමීම් ඉක්බාල් දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පන්දු රැුකීම හේතුවෙන් දිනයේ යැවූ අවසන් පන්දුවාරයේදී මුෂ්ෆිකර් රහීම් දවාගත් රංගන හේරත් බංගලාදේශය තවත් අසරණ තත්වයකට පත්කළේය. ශ‍්‍රී ලංකා පිතිකරුවන් තමන්ගේ රාජකාරිය නිසියාකාරව ඉටුකිරීමට නිසා බංගලාදේශය පළමු ඉනිමට රැුස්කළ ලකුණු 513ට පිළිතුරු ලෙස කඩුලු 09කට ලකුණු 713ක් තිබියදී සිය පළමු ඉනිම අත්හිටුවීය.

ශ‍්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ ලබාගත් හයවැනි වැඩිම ලකුණු ලෙසත් බංගලාදේශ කණ්ඩායම එරෙහිව රැස්කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසත් එය වාර්තා පොත් අතරට එක් වූ අතර 2014 වසරේ ජනවාරි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව ඩකාහිදි ලකුණු 730 ක් රැස්කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ලකුණු 700 සිමාව පසුකළ පළමු අවස්ථාව මෙයවූ අතර චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද වන්නේය.

සිවුවැනි දිනයේදි තණතීරුව දඟපන්දු යවන්නන් වෙත සහයෝගය දක්වන ආකාරයක් දිස්වූ අතර මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ ලිටන් දාස් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 230 කට මුහුණදුන් රොෂේන් හයේ පහරක් සහ හතරේ පහර හයක් සමගින් ලකුණු 109 ක් රැස්කර සිටියේය.

සිය මංගල ටෙස්ට් ශතකය තමන් සහභාගීවූ තෙවැනි ඉනිමේදීම ලබාගත් රොෂේන් සිල්වා ඉන්දියාව සමගින් පැවැති මංගල තරගයේදී අර්ධ ශතකයක් ලබාගත්තේය. ලකුණක් ලබාසිටියදි මෙහෙදි හසන් යැවූ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට තිබූ අවස්ථාව කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස් අතින් ගිලිහියාම නිසා ඉන් නිසි ප්‍රයෝජන ගත් රොෂේන් සිල්වාට මංගල ටෙස්ට් ශතකය කරා යෑමට අවස්ථාව උදාවිය.

රොෂේන් සිල්වා සහ දිනේෂ් චන්දිමාල් එක්ව සිවුවැනි කඩුල්ල සදහා ලකුණු 135 ක සම්බන්ධතාවය හේතුවෙන් ලකුණු 500 කඩයිම පසුකිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවිය තයිජුල් ඉස්ලාම් එවූ පන්දුවකට ඉදිරි පාදය සහ පිත්ත යොමු කළද ඒ අතරින් පැමිණි පන්දුව කඩුල්ල සොයා යෑම නිසා ලකුණු 87 ක් රැස්කර සිටි දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම අවසන්විය. පන්දු 185 කට මුහුණ දෙමින් හතරේ පහර තුනක් සිය ඉනිමට එක්කර ගත් චන්දිමාල් පස්වැනි කඩුල්ල සදහා ලකුණු 63 ක සම්බන්ධතාවයක් නිරෝෂන් දික්වැල්ල සමගින් පැවැත්වීය.

සිය 8 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කළ නිරෝෂන් දික්වැල්ල දැවීයන විට පන්දු 61 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට සමත්විය. මේ වනතෙක් ටෙස්ට් ශතකයකට හිමිකම් කීමට දික්වැල්ලට අවස්ථාවක් හිමිනොවීයඊයේ (2 වැනිදා) තරගය නතර කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 504 ක් රැස්කර සිටි ශ්‍රී ලංකාව අද දිවා ආහාරයට පෙර එක් කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 108 ක් රැස්කරගත් අත ආහාරය සදහා තේ පානය අතරකාළය තුළ කඩුලු 3 ක් අහිමිකර ගනිමින් ලකුණු 93 ක් ලබාගත්තේය.

Comments

Popular posts from this blog

விக்கெட் கீப்பிங்கில் 400 விக்கெட்டுகள் விழ்த்தி டோனி சாதனை video

கோலிக்கு சவால் விடும் பாக்கிஸ்தான் பயிற்சியாளர் மிக்கி ஆர்தர்!

கோலிக்கு சவால் விடும் பாக்கிஸ்தான் பயிற்சியாளர் மிக்கி ஆர்தர்!