වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි
පළමු තරගයේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කළ ධනංජයද සිල්වාට අද දිනයේ ලබාගත හැකි වුයේ ලකුණු 19ක් පමනි.තයිජූල් ඉස්ලාම් එවු පන්දුවකට සම්බීර් රෙහමාන් අතට උඩපන්දුවක් ලබා දෙමින් ධනංජය දැවී යන විට එක් හයේ පහරක් හා හතරේ පහර 02ක් සිය ඉනිමට එක් කොට තිබුනි.
අනතුරුව දිවා අහාරයට පන්දුවාර කිහිපයක් තිබියදී ක‍්‍රියාත්මක වුණු අබ්දුල් රසාක් ලකුණු 13ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක හා නායක දිනේෂ් චන්දිමාල් දවා ගනිමින් පළමු භාගයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම දැඩි අසරණ තත්වයක පත් කළේය.චන්දිමාල් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2 ක් සමගින් මෙම තරගයට සහභාගි වන අතර එහිදී ලක්ෂාන් සඳකැන් සහ ළහිරු කුමාර වෙනුවෙට ධනුෂ්ක ගුණතිලක සහ අකිල ධනංජය කණ්ඩායමට එක්ව සිටිති.
මෙය අකිල ධනංජයගේ මංගල ටෙස්ට් තරගය වන අතර මේ දක්වා එක්දින තරග 19 කට සහ විස්සයි20 තරග 9 කට සහභාගි වී ඇති ඔහු, එහිදී පිළිවෙලින් කඩුලු 21 ක් සහ 7 ක් බැගින් දවාගෙන තිබේ.

Comments
Post a Comment