ගිය මැච් එකේ අපිට හොදටම ගහපු මොමිනුල් පුදුම විදියට දුවද්දි දැවි ගියේ මෙහෙමයි බලන්නකො විඩියොව

එය සුරංග ලක්මාල්ගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල ලෙස වාර්තා පොත් අතරට එක්වූ අතර ශ‍්‍රී ලංකා ටේස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුලු 100ක්ලබාගත්සිව්වැනි වේගපන්දු යවන්නා ලෙසද සුරංග වාර්තා අතරට එක්විය.චමින්ද වාස් ලසිත් මාලිංග හා ඩිල්හාර ප‍්‍රනාන්දු ටෙස්ට් කඩුලු 100ක් ලබාගත් අනෙක් වේග පන්දු යවන්නන් වෙයි.

පළමු තරගයේ ඉනිම් දෙකේදිම විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ මොමිනුල් හක් දුර්වල කඩුලු අතර දිවයාම හේතුවෙන් ලකුණු නොලබාම දැවී ගියේයඉන් අනතුරුව පිිටියට පිවිසි මුෂ්ෆිකර් රහීම් ලකුණු ලබාගැනිමට පෙරම ලබා දුන් පහසු උඩපන්දුව දික්වැල්ල අතින් ගිලිහී ගියත් යළි ක‍්‍රියාත්මක වු සුරංග ලක්මාල් එක් ලකුණක් ලබා සිටි රහීම් දවා ගැනීමට සමත් වියපළමු දිනයට තරගය නතර කිරීමට පන්දුවාර 02ක් තිබියදී ක‍්‍රියාත්මක වු දිල්රුවන් පෙරේරා ලකුනු 19ක් ලබා සිටි ආරම්භක පිතරු ඉම්රුල්යිස්වගැනීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය ප‍්‍රථම ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 222ක් රැස් කිරිමට සමත් වියහුදකලා සටනක් දියත් කරමින් සුපිරි ඉනිමක් ක‍්‍රිඩා කළ රොෂේන් සිල්වා අවසන් කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට සිය ටෙස්ට් දිවියේ දෙවැනි අර්ධ ශතකය රැස් කරගනිමින් ලකුණු 56ක් ලබා සිටියේය.පන්දු 124කට මුහුණ දෙමින් ස්ථාවර ඉනිමක් ක‍්‍රිඩා කළ රොෂේන් ගේ ඉනිම එක් හයේ පහරකින් හා හතරේ පහර 03කින් හැඩ විය.

පළමු පෙළ වසර ගණනාවක්ම පිතිකරුවන් අතර පෙරමුණේ සිටි රෝෂේන් ජාතික කණ්ඩායම පැමිණි පසු ඉනිම් 04කදී එක් ශතකයක් හා අර්ධ ශතක 02ක් රැස් කරගැනීමට සමත් වී ඇතහයේ පහරකින් සිය 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් මෙන්ඩිස්ට දිවා ආහාරයෙන් අනතරුව වැඩි වේලාවක්කඩුල්ලේරැදීසිටීමට අවස්ථාව නොලැබිණ අබ්දුර් රසාක්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විය ඔහු සිය ඉනිම හතරේ පහර 10 කින් සරසා තිබිණ.

වසර 4 කට ආසන්න කාලයකට පසු බංග්ලාදේශ කණ්ඩායමට ඇතුළත්ව සිටින වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක දිවා ආහාරයට පෙර බිඳවැටුණ කඩුලු 4 න් 3 කටම හිමිකම් කීමට සමත් විය පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසීමට තැත්කළ අවස්ථාවේදී දිමුත් කරුණාරත්න ලකුණු 3 කට දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි.

Comments

Popular posts from this blog

விக்கெட் கீப்பிங்கில் 400 விக்கெட்டுகள் விழ்த்தி டோனி சாதனை video

கோலிக்கு சவால் விடும் பாக்கிஸ்தான் பயிற்சியாளர் மிக்கி ஆர்தர்!

கோலிக்கு சவால் விடும் பாக்கிஸ்தான் பயிற்சியாளர் மிக்கி ஆர்தர்!